Friday, February 27, 2026

බහිරව පූජා

May be an image of temple and text "නැකත් නෑ.. පූජා නෑ.. මම ගෙවල් 3ක් හැදුවා, මට මුකුත් වුණේ නෑ.." කියන අයට පිළිතුරක්! 👇
මේ ළඟදි මම දැක්කා කෙනෙක් දාලා තිබුනා අපූරු කතාවක්. එයා ගෙවල් තුනක් හැදුවලු. කිසිම සුබ නැකතක් බැලුවෙ නෑලු, බහිරව පූජා තිබ්බෙ නෑලු. වැඩකට ගිහින් ඇවිත් හවස බැකෝ එක දාලා වැඩ පටන් ගත්තලු. කිසි කරදරයක් වුණේ නෑලු.
මේ කතාව ඇහුවම කෙනෙක්ට හිතෙන්න පුළුවන් "අපරාදෙනේ අපි මේ බොරුවට පූජා තිය තිය දඟලන්නේ" කියලා. හැබැයි ඇත්තටම ඒක එහෙමද? 🤔
පොඩ්ඩක් මේ ගැන හිතන්න...
✅ 1. හෙල්මට් එක සහ ඇක්සිඩන්ට් එක හෙල්මට් එකක් නොදා බයික් එකේ ගිහින්, ඇක්සිඩන්ට් නොවී ගෙදර ආපු කෙනෙක්ට කියන්න පුළුවන් "හෙල්මට් වැඩක් නෑ.. මම ආවේ හෙල්මට් නැතුව.. මට මුකුත් වුණේ නෑනේ" කියලා. හැබැයි එහෙම ගිය හැමෝටම ඒ "චාන්ස්" එක ලැබෙයිද? අපේ ජීවිතේ හැමදාම "ලක්" එක වැඩ කරන්නේ නෑ. බහිරව පූජාවක් කියන්නේ හරියට "ආධ්යාත්මික රක්ෂණයක්"වගේ දෙයක්. කරදරයක් එන්න තියෙන පොඩි හරි ඉඩක් අහුරන එක තමයි නුවණක්කාර මිනිස්සුන්ගේ වැඩේ.
✅ 2. වෙලාව හොඳ නම් වැරදි වැහෙනවා! ජ්යොතිෂයට අනුව මනුස්සයෙක්ට හොඳ දශාවක්, බලවත් යෝගයක් තියෙන කාලෙක එයා කරන ඕනම දෙයක් සාර්ථක වෙනවා. ඒ වෙලාවට වස බිව්වත් මැරෙන්නෙ නෑ කියනවනේ. ඉතින් ඒ වගේ වෙලාවක නැකත් නොබැලුවා කියලා ප්රශ්නයක් නොවෙන්න පුළුවන්. හැබැයි, ඒ වාසනාව ඉවර වෙලා "නරක කාලේ" (පාපී දශා) ආපු ගමන් තමයි අර කරපු මෝඩකම් වල හිලව්ව ගෙවන්න වෙන්නේ. අත්තිවාරම දාපු වෙලාවේ දෝෂ එලියට එන්නේ ගේ හදලා පදිංචි වෙලා අවුරුදු ගානක් ගියාම වෙන්න පුළුවන්. ලෙඩ රෝග, පවුල් ප්රශ්න, මුදල් හානි එනකොට "ඇයි මට මෙහෙම වුණේ?" කියලා හිතුවට එදාට පරක්කු වැඩි වෙන්න පුළුවන්.
✅ 3. නොපෙනෙන බලවේග සහ සොබාදහම Wi-Fi සිග්නල් එක අපිට පේනවද? නෑ. ඒ වුණාට අපි ෆෝන් එකෙන් වැඩ ගන්නවා. කරන්ට් එක පේනවද? නෑ. ඒත් අත තිබ්බොත් වදිනවා. ලෝකේ අපිට පියවි ඇහැට නොපෙනෙන බලවේග ඕන තරම් තියනවා. අපි අලුත් ඉඩමක් හාරනකොට, පස් කපනකොට ඒ පොළොව ඇතුලේ ඉන්න සත්තු, ගස් වැල් වලට හානි වෙනවා. බහිරව පූජාව කියන්නේ හුදු බයක් නෙවෙයි, "ස්වභාවධර්මයෙන් අවසර ගැනීමක්." "මම මේ ඉඩම පරිහරණය කරනවා.. ඒකට අවසර දෙන්න.. මගෙන් වෙන වරදට සමාවෙන්න" කියල නිහතමානී වෙන එක දියුණු මනසක් තියන මිනිහෙක්ගේ ලක්ෂණයක්.
✅ 4. අහල පහල මිනිස්සුන්ට වුණත් ප්රශ්න ඇති නොවෙන්න ඕනේ අර උඩින් කියපු කතාවෙම ඒ මහත්තයා කියනවා "අහල පහල අයට නම් ප්රශ්න වුණා, මට අදාළ නෑ" කියලා. තමන්ගේ වැඩේ නිසා තව කෙනෙක් පීඩාවට පත් වෙනවා නම් ඒකෙන්ම පේනවා එතන පොඩි හරි අසුබ කර්මයක් එකතු වෙලා තියෙනවා කියලා. අපි ගෙයක් හදන්නේ සතුටින් ඉන්න මිසක් වටේ පිටේ මිනිස්සුන්ගේ සාප අරගෙන ඉන්න නෙවෙයිනේ.
ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි.. ලක්ෂ ගණන්, කෝටි ගණන් වියදම් කරලා හදන සිහින මාළිගාවට, මල් පැලක් තියලා ආශිර්වාදයක් ගන්න එක "මෝඩකමක්" කියල හිතන්න එපා.
අනුන්ගේ වාසනාව එක්ක තමන්ගේ ජීවිතේ සූදුවක් කරන්න යන්න එපා. නිවැරදි විදියට, නිවැරදි වෙලාවට වැඩේ පටන් ගන්න. පූර්ව ආරක්ෂාව කවදත් නුවණට හුරුයි! 🙏🏡
පල්ලෙහා තියන පොටෝ එක අන්තර් ජාලයෙන් ගත් එකක්.එහි අයිතියද අදාල පුද්ගලයා සතුයි
#HouseBuilding #Vasthu #Astrology #BahirawaPooja #Home #Protection #SriLanka #Tradition #Culture#fypシ゚viralシfypシ゚ #everyonefollowers #highlightseveryone #trendingpostchallenge

See less
 
Sinhala Astrology, Sri Lanka Astrology , Leo Horoscope , Lagna Palapala, 2026 Horoscope , Astrology Predictions, Sinhala Horoscope, Zodiac Signs, Jyothishya , Horoscope Reading
Dushan Semasinghe Astrologer Vastu Consultant  Kandy Sri Lanka
 

No comments:

Post a Comment

නිවසක දොරවල් සහ ජනේල නිවැරදිව තියමු

  නිවසක දොරවල් සහ ජනේල – ශක්තිය ඇතුළුවන මාර්ගයයි වස්තු විද් ‍ යාවට අනුව නිවසක් කියන්නේ සරල ගොඩනැගිල්ලක්ම නෙමෙයි. එය ජීව ශක්තිය (ප් ‍ රාණ ශක...