Thursday, August 13, 2020

මොනවද මේ පරිවර්තන යෝග කියන්නෙ?

ග්‍රහයන් දෙදෙනෙකු ඔවුනොවුන් අධිපතිකම් දරන රාශි හුවමාරු කර ගනිමින් පිහිටීම පරිවර්තන යෝගවේ.

ග්‍රහයන් දෙදෙනෙකු ස්වකීය අධිපති කම් දරන රාශීන් හුවමාරු කරගෙන සිටීම වටහා ගැනීම අසීරු නැත.

උදාහරණයක් ලෙස යම් අයකුගේ ජන්ම කේන්ද්‍රයේ බ්‍රහස්පති ග්‍රහයා තුලා හෝ වෘෂභ රාශි දෙකෙන් එකකත් සිකුරු ග්‍රහයා ධනු හෝ මීන රාශි දෙකෙන් එක් රාශියකත් පිහිටන විට බ්‍රහස්පති හා සිකුරු ග්‍රහයන් පරිවර්තනය වී ඇතැයි කියයි.මෙහිදී අදාළ පරිවර්තන යෝගය හැදින්වීමට ග්‍රහයන්ගේ නම් වලට වඩා භාවිතා කෙරෙන්නේ අදාළ ස්ථානය සම්බන්ධ නාමයන්ය.(ලග්නාධිපති,දෙවැන්නාධිපති,තුන්වැන්නාධිපති ආදී ලෙස)

කේන්ද්‍රයේ ස්ථාන දොලහ අතර දෙක බැගින් සංකරණයන් සැලකූ විට යෝග 66කි.මෙම පරිවර්තන යෝග 66 ද සුභ,මධ්‍යම හා අසුභ විපාකයන් සලකන ආකාරයට ප්‍රධාන කොටස් තුනකට බෙදේ.

1) මහා පරිවර්තන යෝග

2) මධ්‍යම පරිවර්තන යෝග

3) දෛන්‍ය යෝග

1) මහා පරිවර්තන යෝග

කේන්ද්‍රයේ ලග්නය,දෙක,හතර,පහ,හත,නවය,දහය එකොලහ යන සුභ ස්ථානවලට අධිපති ග්‍රහ යුගලයන් අතරේ සිදුවන හුවමාරුවෙන් ඇති වන මෙම පරිවර්තන යෝග සුභ ඵල උදාකරයි.රාජ යෝග හා සමාන ප්‍රතිඵල උදා කරන බවට සදහන්ය.ඉහත දැක්වූ සුභ ස්ථාන 8 යුහල වශයෙන් සංකරණ සැලකූ විට ගණනින් 28කි

මෙම මහා පරිවර්තන යෝග අතරින්

* ලග්නාධිපති හා 11 අධිපති අතරත් 2 අධිපති හා 11 අධිපති අතරත් ඇතිවන පරිවර්තන යෝග ප්‍රබල ධන යෝගයන්ය.

* 4 හා 11 අධිපතින් අතර පරිවර්තනය යාන,වාහන,ගේ දොර ඉඩ කඩම්, පොලොවෙන් වස්තු ලැබීමට සුභ යෝගයකි.

* 9 හා 10 අධිපති පරිවර්තන යෝගය ධර්මකර්මාධිපති යෝගයකි.වෘෂහ ලග්න හිමියාගේ 9,10 ස්ථාන අධිපති සෙනසුරු නිසා එම ලග්නයට පමනක් ශනි 9 හෝ 10 සිටින විට ධර්මකර්මාධිපති යෝගය යෙදේ.

* 10 හා 11 අධිපති අතර පරිවර්තන යෝගය වෘත්තීය බලය උසස් පදවි තානාන්තර ආදිය ඇති කරන යෝගයකි.

2) මධ්‍යම පරිවර්තන යෝග

තුන්වැන්න හෙවත් වික්‍රමස්ථානය අධිපති ග්‍රහයා 1,2,4,5,7,9,10,11 යන භාවාධිපතියන් අතර පරිවර්තනයෙන් ඇතිවන පරිවර්තන යෝග 8ක් මධ්‍යම පරිවර්තන යෝග ලෙස හැදින්වේ.සුභ අසුභ ඵල මිශ්‍රව උදා කරන බැවින් මධ්‍යම පරිවර්තන යෝග ලෙස හැදින්වේ.

3) දෛන්‍ය යෝග

පරිවර්තන යෝග 66න් මහා පරිවර්තන යොග 28ත් මධ්‍යම පරිවර්තන යෝග 8ත් හැරුනු විට ඉතිරි පරිවර්තන යෝග 30 දෛන්‍ය යෝග වලට අයත්වේ.මෙම පරිවර්තන යෝගවල අසුභ ඵල වැඩි බව සදහන්වේ.

 

 Dushan Semasinghe
Astrologer Vasthu Vidya Consultant Kandy  
 
  • 2026 සිංහ ලග්නයට ලැබෙන විශේෂ වාසනාවන්
  • 2026 කුම්භ ලග්න හිමියන්ගේ සම්පූර්ණ පලාපල
  • 2026 වසරේ ලග්න 12ටම සිදුවන වෙනස්කම්
  • ඔබේ කේන්දරයෙන් අනාගතය දැනගන්නේ කොහොමද?
  • විවාහයට පෙර පොරොන්දම් බැලීම වැදගත් වන්නේ ඇයි?
  • ශනි අපල හඳුනාගන්නේ කෙසේද?
  • රාහු කේතු මාරුවෙන් ඔබට බලපාන ආකාරය
  • ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හොඳම නැකත්
  • නිවසක් සෑදීමට සුභ මුහුර්ත තෝරාගන්නේ කෙසේද?
  • ලග්න 12හි පුද්ගලත්ව ලක්ෂණ
  •  

    No comments:

    Post a Comment

    නිවසක දොරවල් සහ ජනේල නිවැරදිව තියමු

      නිවසක දොරවල් සහ ජනේල – ශක්තිය ඇතුළුවන මාර්ගයයි වස්තු විද් ‍ යාවට අනුව නිවසක් කියන්නේ සරල ගොඩනැගිල්ලක්ම නෙමෙයි. එය ජීව ශක්තිය (ප් ‍ රාණ ශක...