Friday, February 27, 2026

නිවසක දොරවල් සහ ජනේල නිවැරදිව තියමු

May be an image of text 

🏡 නිවසක දොරවල් සහ ජනේල – ශක්තිය ඇතුළුවන මාර්ගයයි 🌿
වස්තු විද්යාවට අනුව නිවසක් කියන්නේ සරල ගොඩනැගිල්ලක්ම නෙමෙයි.
එය ජීව ශක්තිය (ප්රාණ ශක්තිය) ගලා යන ශක්ති කේන්ද්රයක්.
🔑 දොරවල්
දොර කියන්නේ නිවසට ශක්තිය ඇතුළුවන ප්රධාන මාර්ගයයි.
✔️ හොඳ දිශාවකට මුහුණලා ඇති දොරක් → සෞභාග්ය, සමාධිය, සාර්ථකත්වය ගෙන එයි
❌ වැරදි දිශාවක පිහිටි / උස අඩු දොරක් → ආතතිය, බාධා, ආර්ථික ගැටලු ගෙන එයි
🌬️ ජනේල
ජනේල කියන්නේ ශක්තිය සංසරණය වන මාර්ගයයි.
✔️ ප්රමාණවත් ජනේල → හොඳ හුස්ම, සෞඛ්යය, මානසික සන්සුන් බව ගෙන එයි
❌ අඩු ජනේල / අවහිර වී තිබීම → අසනීප, සිත් අඳුරු බව, අවස්ථා අහිමි වීම් ඇති කරයි
☀️ ආලෝකය සහ වායු සංසරණය
දොරවල් හා ජනේල හරියට සැලසුම් කරලා තියෙන නිවසක
✨ ධනාත්මක ශක්තිය රැඳෙයි
✨ නායකත්වය, සාමය, සෞභාග්ය වර්ධනය වෙයි
📌 මතක තියාගන්න
නිවස ලස්සන වෙන්න විතරක් නෙමෙයි,
ජීවිතය ලස්සන වෙන්නත්
දොරවල් සහ ජනේල වස්තු විද්යාවට අනුව ඉතා වැදගත්.
🌼 නිවස ඔබේ භවිතයේ කැඩපතයි 🌼

දුෂාන් සේමසිංහ
‌ෙජ්යාතිෂය, වාස්තු විද්යා උපදේශක

 

Sinhala Astrology, Sri Lanka Astrology , Leo Horoscope , Lagna Palapala, 2026 Horoscope , Astrology Predictions, Sinhala Horoscope, Zodiac Signs, Jyothishya , Horoscope Reading
Dushan Semasinghe Astrologer Vastu Consultant  Kandy Sri Lanka

බහිරව පූජා

May be an image of temple and text "නැකත් නෑ.. පූජා නෑ.. මම ගෙවල් 3ක් හැදුවා, මට මුකුත් වුණේ නෑ.." කියන අයට පිළිතුරක්! 👇
මේ ළඟදි මම දැක්කා කෙනෙක් දාලා තිබුනා අපූරු කතාවක්. එයා ගෙවල් තුනක් හැදුවලු. කිසිම සුබ නැකතක් බැලුවෙ නෑලු, බහිරව පූජා තිබ්බෙ නෑලු. වැඩකට ගිහින් ඇවිත් හවස බැකෝ එක දාලා වැඩ පටන් ගත්තලු. කිසි කරදරයක් වුණේ නෑලු.
මේ කතාව ඇහුවම කෙනෙක්ට හිතෙන්න පුළුවන් "අපරාදෙනේ අපි මේ බොරුවට පූජා තිය තිය දඟලන්නේ" කියලා. හැබැයි ඇත්තටම ඒක එහෙමද? 🤔
පොඩ්ඩක් මේ ගැන හිතන්න...
✅ 1. හෙල්මට් එක සහ ඇක්සිඩන්ට් එක හෙල්මට් එකක් නොදා බයික් එකේ ගිහින්, ඇක්සිඩන්ට් නොවී ගෙදර ආපු කෙනෙක්ට කියන්න පුළුවන් "හෙල්මට් වැඩක් නෑ.. මම ආවේ හෙල්මට් නැතුව.. මට මුකුත් වුණේ නෑනේ" කියලා. හැබැයි එහෙම ගිය හැමෝටම ඒ "චාන්ස්" එක ලැබෙයිද? අපේ ජීවිතේ හැමදාම "ලක්" එක වැඩ කරන්නේ නෑ. බහිරව පූජාවක් කියන්නේ හරියට "ආධ්යාත්මික රක්ෂණයක්"වගේ දෙයක්. කරදරයක් එන්න තියෙන පොඩි හරි ඉඩක් අහුරන එක තමයි නුවණක්කාර මිනිස්සුන්ගේ වැඩේ.
✅ 2. වෙලාව හොඳ නම් වැරදි වැහෙනවා! ජ්යොතිෂයට අනුව මනුස්සයෙක්ට හොඳ දශාවක්, බලවත් යෝගයක් තියෙන කාලෙක එයා කරන ඕනම දෙයක් සාර්ථක වෙනවා. ඒ වෙලාවට වස බිව්වත් මැරෙන්නෙ නෑ කියනවනේ. ඉතින් ඒ වගේ වෙලාවක නැකත් නොබැලුවා කියලා ප්රශ්නයක් නොවෙන්න පුළුවන්. හැබැයි, ඒ වාසනාව ඉවර වෙලා "නරක කාලේ" (පාපී දශා) ආපු ගමන් තමයි අර කරපු මෝඩකම් වල හිලව්ව ගෙවන්න වෙන්නේ. අත්තිවාරම දාපු වෙලාවේ දෝෂ එලියට එන්නේ ගේ හදලා පදිංචි වෙලා අවුරුදු ගානක් ගියාම වෙන්න පුළුවන්. ලෙඩ රෝග, පවුල් ප්රශ්න, මුදල් හානි එනකොට "ඇයි මට මෙහෙම වුණේ?" කියලා හිතුවට එදාට පරක්කු වැඩි වෙන්න පුළුවන්.
✅ 3. නොපෙනෙන බලවේග සහ සොබාදහම Wi-Fi සිග්නල් එක අපිට පේනවද? නෑ. ඒ වුණාට අපි ෆෝන් එකෙන් වැඩ ගන්නවා. කරන්ට් එක පේනවද? නෑ. ඒත් අත තිබ්බොත් වදිනවා. ලෝකේ අපිට පියවි ඇහැට නොපෙනෙන බලවේග ඕන තරම් තියනවා. අපි අලුත් ඉඩමක් හාරනකොට, පස් කපනකොට ඒ පොළොව ඇතුලේ ඉන්න සත්තු, ගස් වැල් වලට හානි වෙනවා. බහිරව පූජාව කියන්නේ හුදු බයක් නෙවෙයි, "ස්වභාවධර්මයෙන් අවසර ගැනීමක්." "මම මේ ඉඩම පරිහරණය කරනවා.. ඒකට අවසර දෙන්න.. මගෙන් වෙන වරදට සමාවෙන්න" කියල නිහතමානී වෙන එක දියුණු මනසක් තියන මිනිහෙක්ගේ ලක්ෂණයක්.
✅ 4. අහල පහල මිනිස්සුන්ට වුණත් ප්රශ්න ඇති නොවෙන්න ඕනේ අර උඩින් කියපු කතාවෙම ඒ මහත්තයා කියනවා "අහල පහල අයට නම් ප්රශ්න වුණා, මට අදාළ නෑ" කියලා. තමන්ගේ වැඩේ නිසා තව කෙනෙක් පීඩාවට පත් වෙනවා නම් ඒකෙන්ම පේනවා එතන පොඩි හරි අසුබ කර්මයක් එකතු වෙලා තියෙනවා කියලා. අපි ගෙයක් හදන්නේ සතුටින් ඉන්න මිසක් වටේ පිටේ මිනිස්සුන්ගේ සාප අරගෙන ඉන්න නෙවෙයිනේ.
ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි.. ලක්ෂ ගණන්, කෝටි ගණන් වියදම් කරලා හදන සිහින මාළිගාවට, මල් පැලක් තියලා ආශිර්වාදයක් ගන්න එක "මෝඩකමක්" කියල හිතන්න එපා.
අනුන්ගේ වාසනාව එක්ක තමන්ගේ ජීවිතේ සූදුවක් කරන්න යන්න එපා. නිවැරදි විදියට, නිවැරදි වෙලාවට වැඩේ පටන් ගන්න. පූර්ව ආරක්ෂාව කවදත් නුවණට හුරුයි! 🙏🏡
පල්ලෙහා තියන පොටෝ එක අන්තර් ජාලයෙන් ගත් එකක්.එහි අයිතියද අදාල පුද්ගලයා සතුයි
#HouseBuilding #Vasthu #Astrology #BahirawaPooja #Home #Protection #SriLanka #Tradition #Culture#fypシ゚viralシfypシ゚ #everyonefollowers #highlightseveryone #trendingpostchallenge

See less
 
Sinhala Astrology, Sri Lanka Astrology , Leo Horoscope , Lagna Palapala, 2026 Horoscope , Astrology Predictions, Sinhala Horoscope, Zodiac Signs, Jyothishya , Horoscope Reading
Dushan Semasinghe Astrologer Vastu Consultant  Kandy Sri Lanka
 

සුවඳ දුම් පූජාවේ ආනිසංස

ඔබට හැකි සෑම අවස්ථාවකම මගනොහැර සුවද පූජාව කරන්න

 Buddhist incense Stock Photos, Royalty Free Buddhist incense Images |  DepositPhotos

ධූපදායක හිමි පැහැදුන  සිතින්  බුදුරජුන්ගේ ගඳකිලිය සුවඳවත් කළ පිනෙන් කල්ප අනූ හතරක් අපායට නො ගොස් නිවන් දැකීමට එම කුසලය උපකාරි වී ඇත.

සුවඳවත් සිරුරක් ඇත්තෙකු වේ.
කීර්තිමත් ජීවිතයක් ලැබේ.
යසස් ඇත්තෙකු වේ.
වහා වැටහෙන නුවණක් ලැබේ.
තීක්‍ෂණ නුවණ ලැබේ.
භූරි පඤ්ඤ යන නුවණ ලැබේ.
හාසු පඤ්ඤ නුවණ ලැබේ.
ගැඹුරු නුවණ ඇත්තෙකු වේ.
විපුල වූ නුවණ ඇත්තෙකු වේ.
ජවන ප්‍රඥාව ලැබේ.

 
  • සිතේ පිරිසිදුකම වැඩිවීම
    – දුම සුවඳින් සිත සන්සුන් වෙලා කෝප, ඊර්ෂ්‍යා වගේ දුර්ගුණ අඩුවෙයි.

  • සත්කාර හා ගෞරවය වර්ධනය වීම
    – බුදුන් වහන්සේට ගෞරවයෙන් කරන පූජාව නිසා භක්තිය වැඩිවේ.

  • කුසල් සම්පත් රැස් වීම
    – පූජාවක් කරන සෑම විටම කුසල් කර්මයක් සෑදේ.

  • ගෙදර වාසනාව හා සාමය වැඩිවීම
    – උදෑසන/සවස පූජාවෙන් ගෘහස්ථ වාතාවරණය සන්සුන් වෙයි.

  • සුවඳ මෙන් යහපත් නාමයක් පැතිරීම
    – දුම සුවඳ වාසනාවෙන් පැතිරෙනවා වගේම, යහපත් ක්‍රියා නිසා නාමයත් පැතිරේ.

  • සංසාර ගමනේ යහපත් ප්‍රතිඵල
    – භක්තියෙන් කරන කුසල් කර්ම අනාගතයේ හොඳ උපතකට හේතු වේ.

  •  

    සුවඳ දුම් පූජා ගාථාව

    ගන්ධ සම්බාර යුතේන
    ධූපෙනාහං සුගන්ධිනා
    පූජයෙ පූජනීයං තං
    පූජාභාජන මුත්තමං


    “මෙම සුගන්ධි දුම් පූජාවෙන් පූජා ලැබීමට අති උත්තම වූ බුදුන් වහන්සේට මම ගෞරවයෙන් පූජා කරමි.”


     https://youtube.com/shorts/Y6JfDU9vEok?si=G1UIpqJ_KRSB5ERo

  • 2026 සියලු ලග්නවල වාර්ෂික පලාපල
  • විවාහයට පෙර පොරොන්දම් බලන්නේ ඇයි?
  • ශනි මාරුවේ බලපෑම්
  • රාහු - කේතු අපල සහ පිළියම්
  • ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුභ මුහුර්ත
  • නව නිවසකට පදිංචියට සුභ වේලාවන්
  • මැණික් ගල් සහ ග්‍රහ බලපෑම්
  • නැකත් 27 සම්පූර්ණ විස්තර
  • කේන්දරය කියවන්නේ කොහොමද?
  • ලග්න 12හි ගතිගුණ
  •  

    Friday, January 2, 2026

    ජීවිතය නියම දිශාවට ගෙනියන්න අදෘශ්‍යමාන ආශිර් වාදය ලබාගන්න

     



    අපිට ජීවිතය නියම දිශාවට ගෙනියන්න අදෘශ්‍යමාන ආශිර්වාදය ඔන වෙනව  ඉතින් දෙවියන් වඳිනකොට
    🌿 සිතේ සන්සුන්භාවය
    කෝපය, බය, අවුල අඩු වෙලා
    තීරණ හොඳින් ගන්න පුළුවන් වෙයි
    🌿 ග්‍රහ බලයේ සමබරතාව
    අහිතකර ග්‍රහ බල මෘදු වෙයි
    හොඳ ග්‍රහ බල සක්‍රීය වෙයි
    🌿 නිවසේ ධනාත්මක ශක්තිය
    අසමතුලිත ශක්ති ඉවත් වෙලා
    සාමය, සැනසිල්ල වැඩි වෙයි
    🌿 අනපේක්ෂිත මාර්ග විවර වීම
    අවස්ථා, උදව්, හොඳ මිනිස්සු හමුවීම
    වාසනාව ක්‍රමයෙන් සක්‍රීය වීම
    🌿 අභ්‍යන්තර ශක්තිය
    ඉවසීම, විශ්වාසය, ස්ථිරභාවය
    ජීවිතේ බර අඩු වෙලා යනව දැනෙයි

    🙏 දෙවියන් වඳින එක අපිම අපේ ජීවිතය සෘජු කරගන්න කරන ආත්මික පියවරක්.
    විශ්වාසයෙන් වන්දනා කරන්න. අද නොදැනුණත්, හෙට දෙවියන් ඔබ දෙස බලන බව ඔබටම දැනේවි


    Friday, March 19, 2021

    අඩු වයසින් විවාහ වන ග්රහ පිහිටීම්

     

    අඩු වයසින් විවාහ වන ග්රහ පිහිටීම්


    සමහරෙකුට වස්තුව, ධනය, රූමත්කම, උගත්කම තිබුනද විවාහ දිවිය අහිමිව ඇත. ලාබාළ වයසින් විවාහයට පත්ව සාර්ථක විවාහ ජිවිතය ගෙනියන්නෝ ද, සාමාන්ය වයස් සිමාවේ දී පොදු සම්මත කාලසිමාවේ දී විවාහයට ගිවිස ගන්නෝ ද, තරුණ විය ඉක්මවා යමින් සිටිය දී විවාහවන්නෝ ද, අද අප අතර සිටිත්. කෙසේ වුවද දෙදෙනෙකුගේ විවාහ දිවිය සාර්ථක වන්නට දෙදෙනා අතර සැකයෙන් තොර අන්යෝන්ය විශ්වාසය, බැඳීම, සතුට, සාමය, සමගිය පවත්වා ගැනිම, ආර්ථික වර්ධනය උදෙසා මනා කළමනාකාරිත්වය, දරු සම්පත් ලබා ගැනිම, නිරෝගී බව රැකගැනිම, විවාහ ගිවිස ගන්නා දෙදෙනාටම වඩාත්ම වැදගත් වෙයි.
    විවාහයක දී සිකුරු සමගින් කුජ ග්රහයා ප්රධාන මෙහෙවරක් ඉටු කරනු ඇත. එසේම ගුරු ග්රහයාගෙන් ද මහත් පිටුවහලක් ලැබෙයි. සඳු ග්රහයාගේ බලය අනුව විවාහය සම්බන්ධව සිතුවිලි ඉක්මන් කරවනු ඇත. එසේම කේන්දරයේ කුජ, සිකුරු, ගුරු, සඳු බලවත්ව පිහිටියේ නම් නිසි වයසේ දී යහපත් සුබ විවාහයට හේතුකාරක වෙයි. කුජ/සිකුරු ග්රහයා කටක රාශියේ ද විවාහ ඉක්මන් වෙනු ඇත.
    ලාබාළ වයසේ විවාහයක දි සිකුරු කේන්දරස්ථානගතව සහ ත්‍රිකෝණව පිහිටීම ඉක්මන් විවාහයට මග සලසයි. 07වැන්නාධිපතියා 11 වැන්නේ ද සිකුරු 02 වැන්නේද ඉක්මන් විවාහයයි. 07වැන්නාධිපතියා සුබ රාශියක සිටිය දි සිකුරු බලවත් ව තමාගේම නැකතක වුයේ ද ලාබාළ ඉක්මන් විවාහයයි. 07පතියා සිකුරු සමගින් ද 07 වැන්නේ රවි ද ඉක්මන් විවාහ සැපයි. 02වැන්නාධිපතියා 11 වැන්නේ ද 11 වැන්නාධිපතියා 02 වැන්නේ ද ඉක්මන් විවාහයයි. 02වැන්නාධිපතියා කුජ ග්‍රහයා සමගින් ද සිකුරු 02 වැන්නේ සිටිය දී ඉක්මන් විවාහයයි. 02වැන්නාධිපතියා 11 වැන්නේ ද ලග්නාධිපතියා 10 වැන්නේ ද කල් නොගොස් ඉක්මන් විවාහයයි. ලග්නාධිපතියා මකර, කුම්භ රාශියේද සිකුරු 01, 04, 07, 10 පිහිටි නම් ලාබාල වයසේ විවාහයයි. සිකුරු කේන්දරස්ථානගත ව සිකුරුගෙන් 07 වැන්නේ සෙනසුරු නම් ඉතාම අඩුවයසින් විවාහවෙයි (ශනිට සිකුරු දැක්ම පාපවීම පාප දැක්ම පමාවයි). සිකුරු කුජ සංයෝගව හෝ කුජ සිකුරුගේ රාශියේ නැත්නම් නවාංශකයේද සිකුරු කුජගේ රාශියේ නැත්නම් කුජගේ නවාංශකයකද ඉක්මන් විවාහ සැපතයි. 02 වැන්නාධිපති සහ 11 වැන්නාධිපති සංයෝගව 10 වැන්නේ ද ඉක්මන් විවාහයයි. මෙම පිහිටීමට ලග්නාධිපතියා එක්වීම විවාහයෙන් පසු වාසනාවයි. කේන්දරයේ කුජ සඳු සංයෝග නම් ලාබාල වයසේ විවාහයයි. තුලා ලග්නයේ සිකුරු ග්‍රහයා ත්‍රිශාංශකයේ උපත ලබා සඳු ග්‍රහයා තුලාවේ හෝ වෘෂභයේ පිහිටි නම් ලාබාළ වයසේදී විවාහයට පත්වෙයි. කේන්දරයේ නවාංශාධිපතියා ලග්න කේන්දරයේ 07 වැන්නේ ද බාල වයසින් ම විවාහයයි. වෘෂභ ලග්නයේ 07 වැන්නාධිපති කුජ සමගින් රවි සංයෝගය ද සඳු ලග්නයේ ද ඉක්මන් විවාහයයි.
    කේන්දරයේ සිකුරුගේ සංයෝග අනුව ලබා දෙන විවිධ විවාහ සැප
    විවාහයක දී සිකුරු ග්රහයා නොනිමි මෙහෙවරක් ඉටුකරනා සුබ ග්රහයෙකි. සෞම්ය ස්ත්රි ග්රහයෙක් වන සිකුරු ගුරුගේ පුත්රයා යයි ද ජ්යෙතිෂයේ කියැවේ. ආදරය, ප්රේමය, කරුණාව, ලස්සන ගති, පිරිසිඳුකම, යහපත් විවාහය, සැප, සතුට, විනෝදය, කලාව, සිනමාව පෙන්වන අතර සිය සුබ පලඳීමෙහි ලා ප්රධාන තැනක් ගනියි. එසේම කේන්දරයේ සිකුරු අනෙකුත් ග්රහයින් සමග සංයෝග අනුව විවාහයේ දි විවිධකාරවු විවාහ සැප සහ දුක, වේදනාව හිමිකර දෙන බව පැහැදිලිව පෙනෙයි. ඒ අනුව -----
    සිකුරු සමගින් සඳු ග්රහයා කේන්දරයේ 04 වැන්නේ සුබ සංයෝගව පිහිටීමෙන් සැපවත් විවාහයක් ලබාදෙයි.
    සිකුරු සඳු සමගින් හෝ 10 වැන්නේ සිකුරු රවි සමගින් නම් විනෝදකාමී විවාහයක් ලබා දෙනු ඇත. සිකුරු රවි සංයෝගයෙන් 05 09 වන ත්‍රිකෝණස්ථානයේදි ඔබට කළාකාමී විවාහයකට ඉඩ සලසනු ඇත. සිකුරු කුජ සංයෝගයෙන් 05 09 වු ත්‍රිකෝණස්ථානයේ දි අධිකාමුකව රාගයෙන් මත් වු විවාහයකි. සිකුරු සමගින් රාහු සංයෝගය 03, 04, 06, 07, 08, 12 වැන්නේ පිහිටීමෙන් විවාහය අවුල් ජාලාවකි. සිකුරු සමගින් සෙනසුරුද 04 වැන්නේ ද සැප නැති, දුක වේදනාව උරුම වු නිරස විවාහයකි. සිකුරු සමගින් කේතුද 10 වැන්නේ සංයෝගයෙන් ද සැප නැති, දුක වේදනාව උරුමවු නිරස විවාහයකි. සිකුරු සමගින් සෙනසුරු ලග්නගතව පිහිටීම හේතුවෙන් විවාහය අපා දුකකි. විවාහයෙන් පසුතැවිලි වෙනු ඇත.
    1. 04 වැන්නේ සුබව සිකුරු සමගින් සඳු පිහිටීමෙන් සැපවත් විවාහයක් ගෙන දීමට සිකුරු සමත්වේ. විවාහය රසවත්වන අතර 04 වැන්නේ සිකුරු සඳු දිග් බලයෙන් යුක්ත වෙයි. 04 වැන්නෙන් නිරූපනය වන්නේ සිතයි. සඳු ග්රහයා සිතුවිලි වලට අධිපතියාවේ. තමා දන්නා අයෙක් සමගින් විවාහ වෙනු ඇත. දෙදෙනා අතර අවබෝධය විශ්වාසය ඇති වෙයි. වාසනාවන්ත විවාහයකි. එසේම ලස්සන නිවසක් ද හිමිවෙනු ඇත. කායික මානසික සුවය සැප ලබයි.
    2. 10 වැන්නේ සුබව සිකුරු සඳු සමගින් හෝ සිකුරු රවි සමගින් සංයෝගයෙන් විනෝදකාමී සැපවත් විවාහයකට මුලපුරනු ඇත. දෙදෙනා නිතරම විනෝදයෙන් සතුටින් කාලය ගෙවයි. කායික ලිංගික සංසර්ගයේදි දෙදෙනා මනා අවබෝධයෙන් යුතුව උපරිම සැප සමගින් විනෝදයෙන් කටයුතු කරයි.
    3. 05 සහ 09 වැන්නේ සිකුරු රවි සංයෝගයෙන් විවිධ විලාසිතා අනුගමනය කරයි. නිවාස පරිසරයද, යහපත් විවාහයද, කලාවට හා විනෝදයට මෙන්ය. කායික සහ මානසික සැප ඉහලයි. සංසර්ගයේදි දෙදෙනා හඳුනා ගෙන ඉක්මන් නොවී නිවිසැනසිල්ලේ සැප ගනු ඇත. එසේම දෙදෙනා නිතර සංචාරයට, විනෝද ගමනට කැමැත්ත දක්වයි.
    4. 05 09 සිකුරු කුජ සංයෝග පිහිටීම යහපත් වන අතර අතිධාවනකාරි වුවද මේ දෙදෙනා ම බලවත් බැවින් රිසි සේ සැප ගැනියි. අනියමට නොයනු ඇත. රාගයෙන් මත් වු විවාහයකි.
    5. සිකුරු රාහු ලග්නයේ පිහිටිම අවුලකි. විනාශයයි. දෙදෙනා අන්යෝන්ය විශ්වාසයෙන් තොරව සැකයෙන් කටයුතු කිරිම හේතුවෙන් ද දුරදක්නා නුවණ නැති කමින් ද ගිය ගිය තැන සබඳතා ඇතිකර ගැනිමෙන් අවුලෙන් අවුලට පත්ව දෙදෙනා විරසකව කරවයි. සිකුරු රාහු කේන්දරයක සංයෝගය බොහෝ දුරට 01 03 04 06 07 08 12 පිහිටිම අසුබයි. සිකුරු රාහු කේන්දරයේ සංයෝගය 04 වැන්නේ දි අධිකාමුකභාවය හේතුවෙන් සැහීමට පත් නොවී අනියමට පිටස්තරයට යනු ඇත. සිකුරු රාහු 07 වැන්නේද විවාහ දිවිය අවුල් කරවයි. අනියමට යනු ඇත. අසාර්ථක විවාහයයි. නිතර සැප මදි යයි සිතයි, තැවෙයි.
    6. සිකුරු කේතු 10 වැන්න තම හැඟීම් වලට ආශාවනට නොගැලපෙන බව පෙනෙයි. කායිකව සහ මානසිකවද සැප නැති දිවියකි. ඔහු කොතරම් වේගකාරි වුවද ඇය දකින්නේ මන්දගාමී ස්වරූපයයි. දුක වේදනාව උරුම වු සැප නැති දුක් ජිවිතයකි. නමුත් චරිතය රහසිගතවයි. සිකුරු ශනි 04වැන්න නිසා ලබන්නේ වයසින් වැඩි අයෙක් නිසා සැප පලා යයි. අනියමට හෝ රහස් සබඳයට ඉඩ ඇත.
    7. සිකුරු ශනි ලග්නයේ පිහිටිමයි. වැන්දඹු හෝ දික්කසාද අයෙක් සමගින් වු විවාහය ටික කලකින් දෙදෙනා අතර මතභේද ඇති වී විරසක වෙයි. සැප හීනවෙයි. මෝඩකමට කරගත් විවාහයක් යයි පසුව දැන පසුතැවිලි වෙනු ඇත.
       
       Dushan Semasinghe
      Astrologer Vasthu Consultant  
       
       
       Sri Lanka Astrology Predictions 2026
  • Sinhala Horoscope Reading Online
  • Free Astrology Consultation Sri Lanka
  • Marriage Horoscope Matching Sri Lanka
  • Best Astrologer in Sri Lanka
  • Online Kendara Reading Sri Lanka
  • Sinhala Lagna Palapala
  • Astrology for Business Success
  • Astrology for Marriage Problems
  • Astrology for Career Guidance
  • Gemstone Recommendations Astrology
  • Auspicious Times Sri Lanka
  • Nakath and Muhurtha Sri Lanka
    1.  

    හත නැකත

     

    හත නැකත


    ජ්යොතිෂයට අනුව රාශි චක්රය නැකැත් විසිහතකට බෙදාවෙන් කර ඇත. ‘‘නැකතක් යනු අංශක 360°ක් වූ ගෝලයේ විසිහතෙන් කොටසකි. එවිට නැකතකට අයත් වන අංශය ප්රමාණය වන්නේ අංශක 13° කලා 20° කි. නැකතකට පාද 04ක් අයිතිය.
    හත නැකත අයත් වන්නේ දහතුන් වෙනි නැකතටය. මෙම නැකැත් පන්තිය (පෙළ) අතක ස්වරූපයක් පවතී. හස්ත යනු අතට කියන නමයි. ඉන්දියාවේ ජ්යෝතිෂයට අනුව හත නැකත භාවිත කරන්නේ හස්ත යනුවෙනි. හස්ත යන පදය හත නැකැත නමින් මෙරට භාවිතයේ යෙදෙයි.
    මෙම හත නැකත චන්ද්රයාට අයත්වන අතර බුධහිමි කන්යා රාශියේ අංශක 10° සිට අංශක 23° යි කලා 20’’ දක්වා පැතිර පවතී. මෙහි පළමු පාදය කුජ හිමි මේෂ නවාංශකයටද දෙවන පාදය සිකුරු හිමි වෘෂභ නවාංශකයට ද තුන්වන පාදය බුධහිමි මිථුන නාවාංශකයට ද හත් වෙනි පාදය සඳු හිමි කටක නවාංශකයට ද අයත් වෙයි.​ ජ්යෝතිෂ ශාස්ත්රයට අනුව හත නැකත සම්බන්ධ විස්තර මේ ලෙසට විග්රහ කර දැක්වීමට පුළුවන.
    විවාහය සම්බන්ධ කටයුතු වලදී හත නැකත අයිති දෙපාර්ශය වෙත වපර ඇසින් බැලීමට සමාජගත ප්රශ්නයක්ව පවතී. නැකත පිළිබඳව හරි අවබෝධයක් නැතිනිසා මිනිසුන් මගින් කටකථා දිගින් දිගට ප්රචාරය කිරීම මත සමාජය හත නැකත හිමි ස්ත්රී- පුරුෂයින් අතර විවාහය සිදුකිරීමට බිය පල කරති.
    එය ගැමි වහරට අනුව හත නැකතින් ඉපදුනොත් ‘‘දීග හතක් යනවා’’ යන ගැමි වහරේ මුල්බැසගෙන ඇති මිථ්යා අවබෝධයකි.
    විවාහය පිලිබද බැලිමේදි හත්වැන්නාධිපතිගේ බල දුබලතාවය හත්වැන්නට වැටෙන සුබ හෝ අසුබ පාප දෘෂ්ඨි හත්වැන්නාධිපති සිටින නැකැත් ආදිය බලා විවාහයට සම්බන්ධ කරුණු අනාවරණය කරගැනීමට පුළුවන. හත නැකත එකකි. හතේ පවතින නැකත තවත් එකකි. මිනිසුන් මෙම තැන් දෙක පටලවා ගෙන ඇති බව පෙනෙයි.
    හත නැකතින් උපත ලබන ස්ත්රී පුරුෂයින් තම උත්සාහයෙන්ම දියුණුවට පත්වෙන කළගුණ හොඳින් මතක තියෙන සමාජයේ ප්රසිද්ධිය ලබන​ නොයෙක් ශාස්ත්රීය කටයුතු වලට මෙන්ම නිර්මාණ කුසලතා ඇති උගත් බුද්ධිමත් අය වෙති. ස්ත්රීන්ට නම් පුරුෂ පක්ෂයෙන්ද පුරුෂයකුට නම් ස්ත්රී පක්ෂයෙන්ද ගෞරවය ආදරය ප්රියමනාප බව හිමි කර ගන්නවා ඇත. දුක- සැප විඳ දරාගැනීමේ ශක්තියද ඇති නිරෝගීමත් ශරීරයක් හිමි වෙයි.
    හත නැකතින් උපත ලබන ස්ත්රීන්ට දුටුවන් මන බඳින රූ සපුවකට හිමිකම් කියයි. ඒ වාගේම ගේදොර ඉඩකඩම් ලැබිමට වාසනා බලය ඇත. සමාජයෙන් ගරු සැලකිලි ලබයි.
    හත නැකතින් උපත ලැබූ ස්ත්රී පුරුෂයන් සඳහා වඩාත් සුබ වන්නේ පුනවාස-පුෂ-අස්ලිය-මා-පුවපල්-උත්රපල් සිත- විසා අනුර යන නැකැත්වලින් උපන් ස්ත්රී පුරුෂයින්ය. ස්ත්රී පුරුෂ දෙදෙනාම හත නැකත වී නම් එය ද ඉතා සුබයි.
    හත නැකතින් යොද‌ාගෙන කරන සුබ කටයුතු අතර හිසකෙස් කැපීම- කන් විදීම- අකුරු කියවීම- ඉඳුල්කටගෑම විවාහ කටයුතු- ගෙවල් සෑදීම- ගෙවදීම්- වෙළඳකටයුතු ගමන් බිමන් සඳහා ද ගොවිතැන් කටයුතු සඳහාද- වෙහෙර විහාර ඉදිකිරීම් කටයුතු සඳහා ද හත නැකත යොද‌ා ගනී.
    මෙම නැකත අසුබ යැයි මිනිසුන් අතර වැරදි මත තිබුණේ මෙය උතුම් නැකතක් බව අවධාරණයෙන්ම කිව යුතුය.
    එම නිසා හත නැකත ගැන දෙමාපියන් අතර ඇති අනියත බිය නැති කිරීම මගින් එම දරුවන්ටද ඉදිරි කටයුතු විශේෂයෙන් විවාහ සම්බන්ධව බලපාන වැරදි අවබෝධයෙන් ඉවත් කිරීමට පුළුවන.

    කේතු ඉන්න තැන අනුව ඔබේ ගතිගුණ

     කේතු ඉන්න තැන අනුව ඔබේ ගතිගුණ


    උඩු කයේ මිනිස් රූපයකි.
    ගාත්‍රා කොටස දරණයකි. නෙළුම් මලක් මත වාඩි වී පොතක් කියවමින් කේතු ග්‍රහයා වාසය කරයි. කේතුට ඇවිදීමට නොහැකිය. ඒ කකුල්වල තුවාල තිබෙන නිසාය. පොත් කියවමින් නුවණ දියුණු කර ගැනීමට උත්සාහ කරයි. එහෙත් තම ජීවිතය පිළිබඳව කළකිරීමක් ඇත්තකු සේ ගත කරයි. කේතු මිශ්‍ර ඵල ලබා දෙන ග්‍රහයෙක් වන අතර බඩ හෙවත් උදරය සංකේතවත් කරන්නේ කේතුය.

    යම්කිසි ජන්මියකුට කේතු ලැබූ විට ඔහුගේ ගතිගුණ ජන්මියන්ට ආරූඪ වේ. කේතු දශාවේ ජන්මියාගේ ලේ දූෂ්‍ය වන අතර උණ රෝග, හොරි, දද, කුෂ්ඨ තුවාල නිතර නිතර ඇති කරවන බව අසා ඇත. කොටින්ම කියතොත් සිරැර වියළි බවක් උසුලයි. මේ නිසාම පපුවේ කැස්ස ඇති වන බව කිවහැක. මල බද්ධය ඇති කරන්නේ බඩේ තිබෙන වියළි බව හේතු කොට ගෙනයි. කේතු ඇත්තවශයෙන්ම දුර්වල අයෙකි. ඇස්වහ කටවහ, සතුරැ උවදුරැ වැඩි වශයෙන් ඇති කරන්නේ කේතුය.

    ලේ දූෂ්‍ය වීමෙන් නිතර ලෙඩ රෝග, භූත දෝෂ ඇති කරයි. ධන හානි, තනතුරැවලින් පහත වැටීම නිසා පරිහානියකු බවට ජන්මියා පත්කරයි. වෙන ග්‍රහයන් සංකේත කිරීමට තරු ග්‍රහ වස්තු තිබුණත් කේතු සංකේත කිරීමට කිසියම් ග්‍රහයෙක් නොමැතිවත් කැපී පෙනෙන ලක්ෂණයකි. රාහු කේතු චින්තන මාත්‍ර ග්‍රහයන් දෙදෙනකු පමණකි. යම්කිසි බලවේග වශයෙන් හැඳින්වුවද වරදක් නැත.

    රාහු ජන්ම පත‍්‍රයේ කේතුට සත්වන ස්ථානයේ යෙදෙනු ඇත.විංශෙෘත්තර් දශා බෙිදිමි අන්ව කේතු දශාව වසර 7කි.ජන්ම පත‍්‍රයේ  ( කේ ) අක්ෂරයෙන් කේතු සටහන් තැබෙනු ඇති.

    කේතු මෝකෂයට කාරක වන ග‍්‍රහයෙක් වන අතර ඹහුට හිමි වු දොලොස්වැන්න මෝක්ෂය නියොජනය කෙරෙන ස්ථානය වේ.එසේම මීන රාශියද යෙදෙන්නේ දොලොස්වැන්නට වන අතර කේතු මිනය තුලදී ස්ව කේෂත‍්‍ර වනු ඇති.මෙම ත‍්‍රිත්වයේ පවතින තත්වය මත ජන්මියා මෝක්ෂය වෙතට යොමු විය හැකි බලයක් ද උදාවිය හැකියි.


    යෝගකාරක ග‍්‍රහයන් සමග යහපත් අයුරින් කේතු සිදුකෙරෙනු ලබන සමිබන්ධයක් සහිත ජන්මපත තුලින් ජන්මියා වෙත බලවත්බව ලධනවත් බව හා වෙනත් යහපත් දේ පිලිබදව නි‍වේදනයක් ලබා දෙනු ඇත.අශුභ ග‍්‍රහයන් සමග දුර්වල වන කේතු මෙයට විරුද්ධ ප‍්‍රතිපල ලබාදෙයි.


    කේතු කෙනෙකුගේ ලග්නය මත යෙදීම එම තැනැත්තා තුල හැකිලවීමක් සිදුවිය හැකියි.එනමි ප‍්‍රසිද්ධියෙන් තරමක ඇත්වීමක් යනුවෙන්ද හැදින්විය හැකියි. දක්ෂතා ඉස්මතු වී සමාජයට නොපෙනිම , ප‍්‍රශංශාවන් අහිමි වීමි ආදි වැනි කරුණු ජන්මයා වත යෙදිය හැකියි.කුඩාකාලයේදි කේතු දශාවක් හිමි වීම මගින් අධ්‍යාපන දියුණුවක් යෙදිය හැකියි.බොහෝවිට ශරීරියේ පිරිපුන් බවක් දක්නට නොමැත.වෘත්තියක හෝ ව්‍යාපාරයක යෙදෙන අයට කේතු දශාවක් හිමි වීමි එතරමි යහපත් බවින් යුතු නොවේ.නමුත් ඥානයක් ජන්මියා සතුවන අතර විකල්ප දේශපාලන මත වෙත යොමු විමක් ඇති විය හැකියි.ධනු හෝ මීන රාශියක වෙමින් ලග්නගත කේතු වඩාත් යහපත්ය.


    දෙවැන්න මත යෙදුන කේතු දුර්වල වී දුර්වලත්වයට පත් බුධ දෘෂ්ටිය පත්වීම සමේ යමි රොගී තත්වයන් ඇති කරනු ඇති.ධනය ඉතිරි කර ගනීමට බාධාවන් යෙදිය හැකියි.ශුභ දෘෂ්ටියට ලක්වන කෙතු දෙවැන්න මත යෙදීම මුහුණට අලංකාරයක් එක් කෙරෙනු ඇත.විවාහයේ යමි ගැටලූ , හිසේ මුහුණේ තුවාල කේතු ට හිමි වන තත්වය මත යෙදිය හැකියි.


    තෙවැන්න බොහෝවිට පාපි ග‍්‍රහයන්ට යහපත් ස්ථානයකි.කේතුටද මෙම ස්ථාන යහපත් වනු ඇත.බාල සහෝදරියන් හිමි කර දෙනු ඇත. සහෝදරයන් කෙරෙහි හිතවත් බව තරමක් අඩුවිය හැකියි.

    සතරවැන්න මත යෙදෙන කේතු ලස්සන නිවහනක් හිමි කරදෙන්නේ ජන්ම පත‍්‍රය මත යෙදෙන යහපත් බව අනුවයි.    අයහපත් නමි දේපාල හානි, පපුව ප‍්‍රදේශයේ දුර්වලතාවයන්  ඇති කරනු ලැබිය හැකියි.සිහින් සිරුරකි.


    කෙතු පස්වැන්න මත යෙදීම ශුභපල හිමිකරදෙන පිහිටීමක් වනු ඇත.දියණියන් හිමි වීමේ අවස්ථාව දැඩියි.අධ්‍යාපනය යහපත්.සිය දශාව තුලදී ජන්මියා වෙතට ශූභපල පිරිනැමීමට සමත්ය.


    සයවැන්නට කේතු එතරමි යහපත් බවක් නොපෙන්වයි.ඇස් වහ කටවහ ආදියට යොමුවන්නෙකි.රෝග සදහා ප‍්‍රතිශක්තිය තරමක් අඩුයි.කේතුගේ දශාව තුලදි අන්තර් දශා තුලදී රෝග පීඩා නිතර ඇති කරනු ඇති.


    සත්වැන්න මත කේතු සිටි නමි එම ස්ථානසමිබන්ධයෙන් කියවෙන කරුණු සමිබන්ධයෙන් තරමක පීඩාකාරී තත්වයන් ඇති විය හැකියි.සමේ රෝග සෑදිය හැකියි.විවාහය තුලදී යමි ගැටලූ යෙදිය හැකියි.ස්ථාන මාරු යෙදිය හැකියි.


    කේතු අටේ සිටින්නේ නමි සිය දශාව තුලදී සිතුවිලි යමි ප‍්‍රමාණයකින් දුෂ්‍ය බවක් එක් කරනු ලබයි.අමනුෂ්‍ය දෝෂ යෙදිය හැකියි.සමේ රෝග එම රාශියට භාවයට අයත් රෝග පීඩාවන් යෙදිය හැකියි.


    නවය මත කේතු යෙදීම අධ්‍යාපනය කෙරෙහි යහපත් බවක් එක් කෙරෙනු ඇති.ලෞකික දියුණුවට අයහපත් නොවේ.යමි මිථාවන් කෙරෙහි සිත ඇදිය හැකියි.අන්ධ භක්තිය යෙදේ.


    දසවැන්න මත යෙදුනු කේතු රැකීරක්ෂා හා ව්‍යාපාර ආදියෙහි කටයුතු සදහා තරමක කරදර ඇති කෙරෙනු ඇති.රෝග පීඩාදියද යෙදිය හැකියි

    අයස්ථානය හා එකොලොස්වැන්න මත රැදෙන කේතු බලවත් වීම මත ජන්මියා වෙතට ලෞකික සැප සමිපත් හිමි වන බවට නිවේදනය කරයි.ජන්මියා කෙරෙහි රූපශෝබාව දියුණු කර දෙනු ඇත.සමස්ත වශයෙන් යහපත් ස්ථානයකි.


    දොලොස්වැන්නට කේතුට යහපත් වු ස්ථානයකි.කේතු දශාවන් හිදී සැපසම්පත් යෙදිය හැකියි.ඥානය හිමි වන පිහිටීමයි.මොක්ෂය වෙතට යොමුකීරිමක් ඇති කරයි.සමස්ත වශයෙන් යහපත් බවක් ගෙන දෙනු ඇත.

     

    කේතු අපල වළක්වා ගැනීම සඳහා පුද පූජා කරන අවස්ථාවේදී රතු මල්, නිල් මල්, පුවක් මල්, කෙසෙල් මුහ මල්, පස් තෙල්, මිශ්‍ර තෙල් පහන් ද තද නිල් පැහැති කොඩි හා රතු පාට කොඩි පූජා කිරීම ද අපලය වළක්වා ගැනීමට පිටිවහල් වේ. උදෑසන කාලයේදී තල මිශ්‍ර කිරිබත්, කෙසෙල් ගෙඩි, මී කිරි, මී පැණි, කැවිළි පූජා කිරීම, අගිල් මිශ්‍ර සුවඳ දුම් පූජාව ඉක්මන් ශුභ ඵල උදාකර ගැනීමට මෙන්ම රාහු අපලය නැති කර ගැනීමට ද මගකි.

    මහ පොළොවට හෝ නැත්නම් වයඹ දිශාව බලා පූජා පැවැත්වීමට, දෙවියන්ට පිං දීම, පිහිට පැතීම, ධජග්ග සූත්‍රය, ඛන්ද පරිත්ත යන්ත්‍රය පැළඳ ගැනීම ආරක්ෂාව සඳහා යෝග්‍ය වේ. පොල් ගෙඩි පිරිත් කර දින හතක් පොල් ගැසීම ද ගුණදායකය.
    විරූපාක්ෂ, ඒරාඵත්ථ, ජක්‍යපුත්ත, කණ්හාහෝතම යනුවෙන් හඳුන්වන සර්ප කුල හතරේ සියලුම සර්පයන්ට මම මෛත්‍රී කරමි. සියලුම සර්ප ජාතීහු සුවපත් වේවා යන්න හත් වරක්, නව වරක්, එකසිය අට වරක් කීමෙන් කේතු අපලයට පිළියමක් වේ.

    මහ දශාව සමඟ අතුරු දශාව විදශාව හා ඒරාශ්ඨක අපල යෙදී ඇති විටකදී මහා දශා අධිපති ග්‍රහයා නමින් ද කළ යුතු පිළිවෙත් ක්‍රම ඇත. ඒවායේ ද යෙදීම ගුණදායක බැව් කිව යුතුය. එවිට කේතු අපල සඵල කරගත හැක.

    නිවසක දොරවල් සහ ජනේල නිවැරදිව තියමු

      නිවසක දොරවල් සහ ජනේල – ශක්තිය ඇතුළුවන මාර්ගයයි වස්තු විද් ‍ යාවට අනුව නිවසක් කියන්නේ සරල ගොඩනැගිල්ලක්ම නෙමෙයි. එය ජීව ශක්තිය (ප් ‍ රාණ ශක...