Thursday, August 13, 2020

ශනි මංගල දෝෂයට බියවන්න එපා

මොකක්ද මේ ශනි මංගල යෝගය 

 

අපි පොරොන්දම් බලලා විවාහය කළත් එය සාර්ථක නොවූ බව පවසන අය දැක ඇත්තෙමු. එයට හේතුව පොරොන්දම් පරීක්‍ෂාවේ දී ග්‍රහ ගැළපීමට සැලකිල්ලක්‌ නොදැක්‌වීම බව මගේ අදහසයි.
ග්‍රහ ගැළපීමේ දී විශේෂයෙන් දෙදෙනාගේ කේන්ද්‍රවල ශනි මංගල යෝගය පිහිටා තිබේද යන්නද සලකා බැලිය යුතුය.

ශනි මංගල යෝගය යනු කේන්ද්‍රයේ කොතැනක හෝ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාත් කුජ හෙවත් අඟහරු ග්‍රහයාත් සංයෝගව සිටීම හෝ සප්තමව සිටීම ශනි මංගල යෝගය නම් වේ. මෙම පිහිටීම විවාහ අපේක්‍ෂක දෙදෙනාගෙන් එක්‌ අයකුගේ කේන්ද්‍රයේ පිහිටා ඇත්නම් එය විවාහයට අසුබ පිහිටීමකි. දෘෂ්ටියකින් සම්බන්ධ වීමත් ශනි මංගල යෝගයට අයත් වේ.

ශනි මංගල යෝගයේ සැබෑ තේරුම ශනි යනු කිලිටුවූ ඉරුණාවූ ඇඳුමක්‌ ඇති අපිරිසිදු අන්දමට ජීවත්වන විවාහය අගය නොකරන ග්‍රහයෙකි. කුජ යනු ප්‍රියමනාප පිරිසිදු විවාහය අගය කරන ග්‍රහයෙකි. මෙම දෙදෙනා විරුද්ධ අදහස්‌ ඇති ග්‍රහයන් දෙදෙනෙකි. මෙසේ විරුද්ධ අදහස්‌, විරුද්ධ ගතිගුණ ඇති දෙදෙනකු එකතුව අසාර්ථක වේ. යහපත් නොවේ.

විවාහයේ දී තදින්ම බලපාන ග්‍රහයා වනුයේ කුජ හෙවත් අඟහරුය. විවාහය ඉක්‌මන් කිරීමේ ප්‍රමාද කිරීමේ, විවාහය අසාර්ථක කිරීමේ, වෙන් කිරීමේ, ප්‍රමුඛයා වන්නේ කුජය. එම නිසා කුජ හෙවත් අඟහරුට මංගල කියාද භාවිත කරයි.

එක්‌ කේන්ද්‍රයක ශනි මංගල යෝගය පිහිටා ඇත්නම් අනෙක්‌ කේන්ද්‍රයේ එම යෝගය භංග වීමට අවශ්‍ය ග්‍රහ පිහිටීම් නොතිබුණොත් රජ පවුලක වුවත් එම විවාහය අසාර්ථක වීමට බොහෝසේ ඉඩ ඇත. පවුල් අවුල්, අසමගිකම්, හැරයැම, නීතියේ පිහිට පැතීම, වැන්දඹු වීම, දික්‌කසාද වීම ඇතිවන බව පෙනී යයි.

මෙම අසුබ ඵල ගෙන දෙන ශනි මංගල යෝගය භංග වන ක්‍රම කීපයක්‌ම ජ්‍යෙතිෂයේ දැක්‌වේ. එක්‌ කේන්ද්‍රයක කුජ ශනි යෝගව තිබේද? සප්තමව තිබේද? එසේ නැත්නම් දෘෂ්ටියට ළංව තිබේද? එම දොෂ භංග වීමට පහත සඳහන් පිහිටීම තිබිය යුතුමය.

1. අනෙක්‌ කේන්ද්‍රයේ කුජ ශනි යෝගව කේන්ද්‍රයේ කොතනක හෝ පිහිටා ඇත්නම් දෝෂ භංග වේ.

2. අනෙක්‌ කේන්ද්‍රයේ කුජ ශනි දෙදෙනා ග්‍රහ දෘෂ්ටියකින් සම්බන්ධ වී ඇත්නම් දෝෂ භංග වේ.

3. අනෙක්‌ කේන්ද්‍රයේ කුජ සිටි තැනින් 4 වැන්නේ 7 වැන්නේ හෝ 8 වැන්නේ සෙනසුරු සිටීමෙන් මෙම දෝෂ භංගවේ.

ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකේ ග්‍රහ ගැළපීම් පරීක්‍ෂා කර බැලීමේදී ඉහත සඳහන් පරිදි ග්‍රහ පිහිටීම් ඇත්නම් ශනි මංගල යෝගය භංගවේ.

එහෙත් 02, 03, 06, 9, 10 සහ 11 යන ස්‌ථානවල ශනි මංගල යෝගය අසුබ ඵල ගෙනදීමෙන් ඇති නොවන බව සමහර පොත්වල දැක්‌වේ.

මේ අනුව පොරොන්දම් පරීක්‍ෂාවේ දී මෙම දෝෂ ගැන විශේෂ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

 

 Dushan Semasinghe
Astrologer Vasthu Vidya Consultant Kandy  
 
  • දෛනික පලාපල බලන විට සැලකිලිමත් විය යුතු කරුණු
  • සිංහල ජ්‍යෝතිෂ්‍යයේ නැකත් 27 සම්පූර්ණ විස්තර
  • මැණික් ගල් සහ ග්‍රහ බලපෑම් අතර සම්බන්ධය
  • රැකියාවේ දියුණුවට ජ්‍යෝතිෂ්‍ය උපදෙස්
  • ආර්ථික වාසනාව වැඩි කරන ග්‍රහ යෝග
  • ආදර සම්බන්ධතා සහ කේන්දර ගැළපීම්
  • ලග්න අනුව සුදුසු රැකියා මොනවාද?
  • බුධ ග්‍රහයාගේ බලපෑම ඔබේ ජීවිතයට
  • ගුරු මාරුවෙන් වාසනාව ලබන ලග්න
  • ශනි මාරුවේ හොඳ සහ නරක ප්‍රතිඵල
  •  

    No comments:

    Post a Comment

    නිවසක දොරවල් සහ ජනේල නිවැරදිව තියමු

      නිවසක දොරවල් සහ ජනේල – ශක්තිය ඇතුළුවන මාර්ගයයි වස්තු විද් ‍ යාවට අනුව නිවසක් කියන්නේ සරල ගොඩනැගිල්ලක්ම නෙමෙයි. එය ජීව ශක්තිය (ප් ‍ රාණ ශක...