Thursday, August 13, 2020

ජීවිතයට බාධාකරන බධක ග්‍රහයෝ

 

කරන කියන හැමදේකටම මොකක්හරි අවුලක්ද?

ජීවිතයට බාධාකරන බධක ග්‍රහයෝ
බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනෙකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි ජ්‍යොතිෂයේදී හඳුන්වා දී තිබෙන්නේ.
එම ග්‍රහයාගේ බලපෑම මත කෙනකුට වා, පිත්, සෙම් ආදී දොස් නරක් වී රෝගාබාධ ඇතිවිය හැකිය. හදිසි අනතුරු හා මරණයට පත්කිරීම හැකි අවස්ථා උද‌ාවිය හැකි නිසා ඒ ගැන පරීක්ෂාකාරීව සිටීම වැදගත්ය.
ඒ අනුව අදාල බාධක ග්‍රහයන් මෙසේය

1. චර රාශි වූ මේෂ, කටක, තුලා. මකර ලග්නවල බාධක ස්ථානය 11 වැන්නය
2. තිර රාශි වූ වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට 9 වැන්න
3. උභය රාශිවූ මිථුන, කන්‍යා, ධනු, මීන, ලග්නවලට 7 වැන්න බාධක ස්ථානය වේ.
ලග්නයට අනුව බාධක ග්‍රහයන් මෙසේය
මේෂ හා වෘෂභ යන ලග්න 2 කට ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා බාධක ග්‍රහයා වෙනවා.
මිථුන හා කන්‍යා යන ලග්න 2කට ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා බාධක ග්‍රහයාය.
සිංහ හා මකර යන ලග්න රාශි 2කට කුජ හෙවත් අඟහරු ග්‍රහයාද
ධනු හා මීන යන ලග්න රාශි 2කට බුධ ග්‍රහයා බාධක ග්‍රහයා ද වෙනවා.
කටක ලග්නයට සිකුරු ග්‍රහයාත්
තුලා ලග්නයට රවි ග්‍රහයාත්
වෘශ්චික ලග්නයට චන්ද්‍රයා හෙවත් සඳුත්
කුම්භ ලග්නයට ශූක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාත්, බාධක ග්‍රහයන් වෙනවා.
එම ග්‍රහයන්ගේ මහ දශා කාලය හෝ අතුරු දශා කාලය තුළ අපල තත්ත්වයන් මෙන්ම බාධා හා විවිධ කාර්යයන්ගේ ප්‍රමාදයන් ඇති විය හැකියි. එසේම ආසන්නව ම ගෙවනු ලබන විදශා කාලය තුළ ද ක්‍රියාත්මක වෙනවා.
 
 Dushan Semasinghe
Astrologer Vasthu Vidya Consultant Kandy  
 
  • Sri Lanka Astrology
  • Sinhala Astrology
  • Astrology Sri Lanka
  • Sri Lankan Astrologer
  • Astrology Predictions Sri Lanka
  • Horoscope Reading Sri Lanka
  • Kundali Reading
  • Vedic Astrology
  • Jyothishya
  • Sinhala Kendara
  • Astrology Consultation
  • Online Astrology Sri Lanka
  • Birth Chart Analysis
  • Lagna Predictions
  • Astrology Remedies
  •  

    No comments:

    Post a Comment

    නිවසක දොරවල් සහ ජනේල නිවැරදිව තියමු

      නිවසක දොරවල් සහ ජනේල – ශක්තිය ඇතුළුවන මාර්ගයයි වස්තු විද් ‍ යාවට අනුව නිවසක් කියන්නේ සරල ගොඩනැගිල්ලක්ම නෙමෙයි. එය ජීව ශක්තිය (ප් ‍ රාණ ශක...